ජර්මනියේ හැම්බර් නගරයේ හේගන්බෙක් සත්ව උද්‍යානයේ ජීවත්වන ලොව වයස්ගතම ඔරන්ඔටන් සත්වයා වන බෙලා පසුගිය 16 වැනිදා සිය 63 වෙනි උපන්දිනය සැමරුවාය.

1961 වසරේ අප්‍රේල් මස 16 වැනිදා උපත ලද බෙලා 1964 වසරේ සිට හේගන් බෙක් සත්ත්ව උද්‍යානයේ ජීවත් වූවාය.

ඔරන් ඔටන් සත්වයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වයස අවුරුදු තිස්පහත් හතළිහත් අතර වූවත් බෙලා පසුගිය 16 වැනිදා වන විටත් හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූ බව ගිනස් ලෝක වාර්තාව ප්‍රකාශ කළේය.

බෙලා 2021 වසරේදී ලොව ජීවත්වන වයස්ගතම ඔරන් ඔටන් සත්වයාට හිමි ලෝක වාර්තාව හිමි කරගත්තාය.
ඇය දරුවන් සයදෙනෙකුට උපත ලබා දී ඇති අතර තවත් දරුවන් සිව් දෙනකු හදා වඩාගෙන ඇත.

Share.

Comments are closed.