දියතලාව නරියා කන්දේ දී පැවැත් වෙමින් තිබූ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලිය අතර පුද්ගලයින් 07දෙනෙකුට මරු කැදවමින් අද(21) සිදු වූ මාරාන්තික අනතුරත් සමඟ තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අත්හිටුවීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් මෙය සංවිධාන කර තිබුණි. අනතුරින් තුවාල ලබා පුද්ගලයින් 20 දෙනෙකු නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

එසේම අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා සදහන් කළේය.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

Share.

Comments are closed.