ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කරයි.

හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 51% කට වැඩි ප්‍රතිශතයක් ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට හිමිව තිබේ.  

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පවසන්නේ ඒ සඳහා සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර හේලීස් සමාගම ද සිටින බවය. 

Share.

Comments are closed.