2024 වසරේ පළමු මාස තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය ඉක්වා ඇති බව මුදල් අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. එම මාස තුන තුළ රුපියල් කෝටි 83,400 ක ආදායමක් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

පළමු මාස තුළ අපේක්‍ෂිත ආදායම රුපියල් කෝටි 78,700 ට වඩා සියයට 6 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 38,100 ක්, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 5,100 ක් සහ රේගු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 35,300 ක් උපයා ඇති බවත් හෙතෙම අවධාරණය කර සිටියේය. 

Share.

Comments are closed.