විදේශ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට නියෝග කර ඇත.

එසේ මුදල් ලබා ගැනීමේ ජාවාරම් වැළැක්වීම සඳහා ගත යුතු සියලුම පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා නියෝග කර තිබේ.

අදාළ විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම කිරීම සඳහා සෑම පහසුකමක්ම ලබාදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇත.



බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයකට හැර කිසිදු පාර්ශ්වයකට විදේශ රැකියා සඳහා මුදල් ලබා ගැනීමට බලයක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේය.

Share.

Comments are closed.