යේමනයේ හූතී කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ තවත් බොරතෙල් නෞකාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය නෞකාවකට හූතී කැරලිකරුවන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 3ක් එල්ල කර ඇති බවයි.

ප්‍රහාරවලින් නෞකාවට සුළු හානියක් සිදුව ඇතත් කිසිවෙකුට ජීවිත හානි සිදුව නැත.

මෙහිදී හූතී කැරලිකරුවන් ගේ ප්‍රකාශකවරයා කියා සිටියේ යේමන ගුවන් කලාපයේදී අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් වෙඩි තබා බිම හෙලූ බවය.

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය ආරම්භයේ සිට හූතිවරුන් වෙඩි තබා බිම හෙලූ තුන්වන අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානය මෙය වේ.

Share.

Comments are closed.