පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගත්හ.

අබුඩාබිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18යි පන්දුවක් තුළ දැවී ගියේ ලකුණු 94ක් සමගිනි.

කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුලු 4ක් දවා ගත්තාය.
ඉනෝෂි ප්‍රියදර්ෂණී කඩුලු 3යි.

ලකුණු 95ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 10යි පන්දුවක් තුළ කිසිවකු නොදැවී නියමිත ඉලක්කය පසු කළහ.

නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59 ක් රැස් කල අතර විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කළා ය.

Share.

Comments are closed.