සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය 9% සිට 13%දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා සඳහන් කලේය.

යටියන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදී  අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය 9% ක් දක්වා අඩු කළ බවත් සේවක අර්ථසාධක අරමුදල 2023 වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම හේතුවෙන් එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

එම අරමුදල නිසි ආකාරයට ආයොජනයේ යෙදවීමෙන් 2023 වසරේ ලාභාංශ ඉහළ ගොස් ඇති බවත් එම අරමුදලේ සාමාජිකයන් ලක්‍ෂ 27 කට මෙයින් ප්‍රතිලාභ හිමිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.