රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට උපහාර දක්වමින් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2024 අප්‍රේල් 27 සිකුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. 

අප්‍රේල් 24 සිට 27 දක්වා ඩුබායි හි දී පැවැති ආසියානු අවුරුදු 20 න් පහල මලල ක්‍රීඩා ශූ‍රතාවලියේ ජයග්‍රහණ හිමි කරගත් ශ්‍රී ලාංකික යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීම සඳහා විවිධ ක්‍රීඩා සංගම්,  එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගම් සහ කණ්ඩායමට සහය දැක්වූ අනෙකුත් පුද්ගලයින් සහ සංවිධානවල නියෝජිතයින් ඇතුළු ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙකු එක් වූහ.

පිළිගැනීමේ උත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශූරතාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් අගයමින් විවිධ ඇගයීම් සංකේත ප්‍රදානය කරන ලදී. මෙම පිරිසට ත්‍යාග ලබා දීම සඳහා Sri Lions, Olcott Schools OBA, UAE, Sri lanka business Council of dubai, dessert club cricket academy, SLCL, Classic venture Tourism, st peter’s college OBU UAE, Top Nock International , Danube, Thambapanni Resturant ආදි සංවිධාන හා වෙලඳ ආයතන ඇතුළු බොහෝ පුද්ගලයින් අනුග්‍රහය දක්වමින් ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට ඉදිරිපත් වූහ.

ලෝක HEI සමූහය විසින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ලොව පුරා පිහිටි ඔවුන්ගේ පුළුල් ආයතන ජාලය හරහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.
ඩුබායි කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා විසින් මෙම ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර දක්ෂතා පිලිබද ඇගයුමට ලක් කලේය. මෙම උත්සවයට ශ්‍රී ලාංකීය ආහාර පාන වල සැපයීම තුෂානිස් රෙස්ටුරන්ට් විසින් සිදු කෙරිණි.

Share.

Comments are closed.