ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලි­යන 37ක් ගොඩ­ගැසී ඇතැයි වාර්තා වේ. පිපි­රී­මට ලක් නොවූ බෝම්බ විශාල ප්‍රමා­ණ­යක් ද ඒ අතර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ඉරා­කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ­ස­ට­හනේ ප්‍රධානි පෙහ්ර් ලෝඩා­මර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ නේවා­සික  ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් 65%ක්ම විනාශ වී ඇති බවත්, සියලු සුන්බුන් ඉවත් කිරී­මට වසර 14ක් ගත­වනු ඇති බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

ඊශ්‍රා­යල ප්‍රහාර හේතු­වෙන් ගාසා තීරයේ විශාල බිම් ප්‍රමා­ණ­යක් මුළු­ම­නින්ම විනාශ වී නට­බුන් වී ඇතැයි සඳහන් වේ. එම ප්‍රහා­ර­ව­ලින් පුපුරා නොගිය බෝම්බ 10%ක ප්‍රමා­ණ­යක් ඉති­රිව ඇතැයි ද ඉරා­කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ­ස­ට­හනේ ප්‍රධා­නියා සඳ­හන් කර තිබේ.

Share.

Comments are closed.