ලංකා ප්‍රිමියර් ලීග් 2024 හි 5 වන තරඟ වාරය සඳහා විදේශීය ක්‍රීඩකයින් 500 කට අධික පිරිසක් තරඟ බිමට අවතීර්ණ වීමට උනන්දුව දක්වන බව වාර්තා වේ.

ICC හි සාමාජික රටවල ක්‍රීඩකයින් ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 24ක ක්‍රීඩකයින් ඉදිරි ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති අතර ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරඟාවලියේ කණ්ඩායම් පහෙන් එකකට තෝරා ගැනීමට තරඟ වදිති.

ලියාපදිංචි වූ ප්‍රධාන ක්‍රීඩකයින් අතර Tamim Iqbal, Tim Southee, Rassie Van Der Dussen, Jimmy Neesham, Mushfiqur Rahim, Reeza Hendricks, Rilee Rossouw, Shai Hope, Taskin Ahmed, Lungi Ngidi වේ. Naseem Shah, Rahmanullah Gurbaz, Najmul Hossain Shanto, Colin Munro, Ish Sodhi, Mark Chapman, Jason Behrendorff, Andre Fletcher, Oshane Thomas, Keemo Paul සහ Fabian Allen ද සිටිති.

Mushfiqur Rahim, Tamim Iqbal, Najmul Hossain Shanto සහ Taskin Ahamed බංග්ලාදේශයෙන්
ඔස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා, දකුණු අප්‍රිකාවේ ටබ්‍රයිස් ෂම්සි, පකිස්ථානයේ නසීම් ෂා යන අය ලියාපදිංචි වී ඇත.

ඔවුන්ට අමතරව Usman Khawaja, Tabraiz Shamsi, Evin Lewis, Mujeeb Ur Rahman, Noor Ahmad, Reece Topley, Iftikar Ahmad, Mohammad Nawaz, Gulbadin Naib, සහ Ibrahim Zadran ද ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් ද මේ අතර වේ.

ජාත්‍යන්තර රසයක් සහිත ශ්‍රී ලංකාවේ ඉහළම දේශීය T20 තරඟාවලිය වන Lanka Premier League 2024 හි 5 වන අදියර ජූලි 1 සිට 21 දක්වා පැවැත්වේ.
බොහෝ දෙනාගේ අවධානය හිමි වන වෙන්දේසි දිනය නියමිත වේලාවට ප්‍රකාශයට පත් කෙරෙන බව සඳහන් ය.

Share.

Comments are closed.