ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය මෙසේය.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 371ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 368කි.

ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 440ක්ව පැවැති අතර එහි මිල රුපියල් විස්සකින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල  රුපියල් 420 කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 363ක්ව පැවැති අතර එහි මිල රුපියල් තිහකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 333කි.

  රුපියල් 386ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් නමයකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 377කි.
ලංකා භූමිතෙල් මිල රුපියල් 245ක්ව පැවැති අතර එහි මිල රුපියල් තිහකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 215කි.

Share.

Comments are closed.