කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අප්‍රේල් මාසය සඳහා 1.5% ක් දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෙළි කර තිබේ.

එය 2024 මාර්තු මාසයේදී වාර්තා වී තිබුණේ 0.9% ක් ලෙසිනි.
2024 අප්‍රේල් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.9% දක්වා අඩු වී ඇති අතර 2024 මාර්තු මාසයේ දී එය 3.8 % ක් ලෙස වාර්තා වී ඇත.

එසේම 2024 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.9% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මාර්තු මාසයේ දී -0.5% ක් ලෙස වාර්තා වූ බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.