රාජතාන්ත්‍රික, රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසර පත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ද්විපාර්ශවික  සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් රටවල් දෙකෙහි රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019-5-7 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එම ගිවිසුමට මේ දක්වා අත්සන් තැබීමට නොහැකි වී ඇතැයි රජය පවසයි.

දෙපාර්ශවය අතර එකඟ වී ඇති රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් දින තිහක් නොඉක්මන කාලසීමාවක් සඳහා වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා වන එකී අවබෝධතා ගිවිසුම රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share.

Comments are closed.