කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක් වේ.

එබැවින් කල්පිටිය මුහුදු ප්‍රදේශවල, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන්ය.

එසේම එම වෙරළ තීරයන්ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවද සඳහන් වේ.

මෙම තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා ඇත.

Share.

Comments are closed.