2024 වසරේ මුල් මාස 4 තුළදී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත.

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායලය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර තුනට අදාළව රැකියා හිමි වන බව සඳහන් වේ.

ඒ අනුව සාත්තු සේවා වෘත්තිය සඳහා ලාංකිකයින් 409 ක් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 804 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා 1558 දෙනෙකුද පිටව ගොස් තිබේ. මීට අමතරව මැයි මාසයේ මුල් සති දෙක තුළ තවත් ලාංකිකයින් 172 ක් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතය.

2023 වසර තුළදී ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ ලාංකිකයින් 1912 දෙනෙකු පමණක් වන අතර ඒ අනුව ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවීමේ විශාල වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කර ඇත.

Share.

Comments are closed.