ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික ගුරු සභාවක් පිහිටුවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් යෝජනා කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අදාළ පාර්ශව කරුවන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව ජාතික ගුරු සභාවක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කලේය.

Share.

Comments are closed.