සංවේදී දර්ශන සහ ප්‍රකාශ මුදා හැරීම වැළැක්වීමේ අරමුණින් චීනයේ සමාජ මාධ්‍ය ජාලා පාලනයට එරට රජය පනවා ඇති නීතිරෙගුලාසි ඊයේ සිට දැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ක්‍රියාත්මක වන ටෙන්සෙන්ට්, බයිට්ඩාන්සර් සහ වයිබෝ සමාජ මාධ්‍යජාලා සඳහා එම නීති ක්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් වේ.

කෙසේ වුවද අදාළ සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයන් විසින් මුදා හරිනු ලබන තොරතුරු නිරීක්ෂණය කිරීමට අන්තර්ජාල නිරීක්ෂකයන් අවශ්‍ය වන බැවින් එම නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අන්තර්ජාල සමාගම් දැනුවත්ව නැති බව ද වාර්තා වේ. චීනයේ අන්තර්ජාල නීති රෙගුලාසි යාවත්කාලීන කර ඇත්තේ දශකයකට පමණ පසුව බව දැක් විණි.

එම නීතිරෙගුලාසි පනවනු ලැබුවේ එරට මහා පරිමාණයේ අන්තර්ජාල ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනි.

Share.

Comments are closed.