ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය හිමි වන පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (7) සංශෝධන රහිතව සම්මත විය.

ඒ අනුව පරාටේ නීතිය ලබන දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසේ.

කාරක සභා අවස්ථාවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු සංශෝධන සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම සංශෝධන වැඩි ඡන්ද 30 කින්  පරාජයට පත්විය.

සංශෝධනවලට විරුද්ධව ඡන්ද හතළිස් නවයක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Share.

Comments are closed.