වාහන ආනයනකරුවන් විසින් සකස් කරනු ලබන විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඊට අමතරව දැනට තාවකාලිකව නතර කර තිබෙන රථ වාහන ආනයන සීමා අදියර හතරක් යටතේ ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ඒ මහතා කීය.

වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.
සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බව ආනයනකරුවෝ එහිදී කියා සිටියහ. පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදි වශයෙන් කොටසින් කොටස ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බව එහිදී අවධාරණය කෙරිණි.

බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.