DP World අද උදෑසන A.P. Moller – Maersk’s (Maersk) හි ප්‍රථම වරට හරිත මෙතනෝල් මත ධාවනය කළ හැකි විශාල නෞකාවක් ජෙබෙල් අලි වරායේදී පිළිගනු ලැබීය. 2040 වන විට ශුද්ධ ශුන්‍ය හරිතාගාර වායු විමෝචනය සාක්ෂාත් කර ගැනීමේ මාර්ස්ක්ගේ අභිලාෂය Ane Maersk නෞකාවෙන් අවධාරණය කරයි.

ආසියාව සහ යුරෝපය සම්බන්ධ කරමින් සේවය කරන Ane Maersk ජර්මනියේ හැම්බර්ග් වලින් ආරම්භ වී යුරෝපයේ, මධ්‍යධරණී මුහුදේ සහ ගල්ෆ් රටවල වරායන් කිහිපයක් ආවරණය කරමින් පළමු වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියේය. ඩුබායි හි භාණ්ඩ ප්‍රවාහන කටයුතු අවසන් කිරීමෙන් පසු නෞකාව තවදුරටත් චීනයේ වරායන් වෙත යාත්‍රා කරනු ඇත.

“අපගේ කර්මාන්තයේ සිදුවෙමින් පවතින හරිත මාරුව ඉස්මතු කරන ජෙබෙල් අලි වෙත Ane Maersk පිළිගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. එය ඩීපී වර්ල්ඩ් හි අපගේම කාබන් අඩු කිරීමේ අභිලාෂයන් පිළිබිඹු කරන තිරසාරභාවය සඳහා වන ප්‍රමුඛස්ථානයකි. ” DP World GCCහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල්ලා බින් දමිතන් පැවසීය.

“DP World, Jebel Ali වෙත Ane Maersk පැමිණීම සැබවින්ම විශිෂ්ට අවස්ථාවක්. මෙය සාගර ප්‍රවාහනය decarbonise කිරීමට අප යන ගමනේ Maersk නෞකාව වැදගත් සන්ධිස්ථානයක්.” Maersk UAE, Oman සහ Qatar හි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් කුක් පැවසීය.

මැදපෙරදිග විශාලතම වරාය සහ ලෝකයේ 10 වන කාර්යබහුලම වරාය ලෙස, ජෙබෙල් අලි වරාය ගෝලීය වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එය නැව් මාර්ග 180 කට අධික සංඛ්‍යාවකට සම්බන්ධතා සහ බිලියන 3.5 කට අධික පාරිභෝගිකයින්ට ප්‍රවේශය සපයයි.

හරිත මෙතනෝල් මත ධාවනය කළ හැකි අති නවීන ද්විත්ව ඉන්ධන එන්ජිමකින් සමන්විත Ane Maersk යනු 2024 සහ 2025 කාලය තුළ Maersk හි යාත්‍රා සමූහයට එක් කෙරෙන විශාල යාත්‍රා 18 න් පළමුවැන්නයි.

Ane Maersk ගේ පළමු ගමන අතරතුර ජෙබෙල් අලි එමීර් රාජ්‍යයේ ඩෙන්මාර්ක කොන්සල් ජනරාල්, එච්.ඊ. ජෝකිම් ලාර්සන් සහ ඩීපී වර්ල්ඩ් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම මාර්ස්ක් සඳහා ඉහළ පාරිභෝගිකයින් සහ හවුල්කරුවන්ට යාත්‍රාවට ගොඩවීමට අවස්ථාව ලැබුණි. නවීන එන්ජිම සහ නව නවෝත්පාදන නිර්මාණය පිළිබඳ විශාල තොරතුරු සපයන සංචාරයක් සඳහා ඔවුන් රැගෙන යන ලදී.

Share.

Comments are closed.