අමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීම සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායලයට බෝම්බ සැපයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව නැව් මාර්ගයෙන් ඊශ්‍රායලයට යැවීමට නියමිතව තිබූ කිලෝග්‍රෑම් 2000කට අධික බෝම්බ තොගයක් නැවැත්වීමට කටයුතු කළ බව අමෙරිකාවේ නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි BBC පුවත් සේවය වාර්තා කළේය.

යුද ටැංකි ඇතුළුව හමුදා උපකරණ රැසක් සහිතව පසුගියදා ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රධානතම ආධාර සැපයුම් මාර්ගය රෆා නුවර දේශසීමා ප්‍රවේශයේ බලය තහවුරු කරගත් අතර, ආධාර සැපයුම් මාර්ගය වසා දැමීමට ද කටයුතු කළේය. එය අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි විරෝධයට හේතු වී තිබිණි. කෙසේ වෙතත් ඊයේ පස්වරු ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම දේශසීමා ප්‍රවේශය පලස්තීන ජනතාවට ආධාර සැපයීම සඳහා නැවත විවෘත කළ බවය.

Share.

Comments are closed.