මේ වසරේ ගත වූ කාලය තුළ 800,000 ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ වසරේ ජන­වාරි මස පළ­මු­වැ­නිදා සිට මේ මස 5 දා දක්වා විදෙස් සංචා­ර­ක­යන් 806,698 දෙනකු ශ්‍රී ලංකා­වට පැමිණ තිබෙන බවද එය පසු­ගිය වසරේ ඒ කාල­යට සාපේ­ක්ෂව කැපී පෙනෙන වර්ධ­න­යක් බවද ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය ප්‍රකාශ කරයි.

මේ මස මුල්දින පහක කාල­යේදී පම­ණක් විදෙස් සංචා­ර­ක­යන් 22,047 දෙනකු ශ්‍රී ලංකා­වට පැමිණ තිබෙන අතර ඉන් වැඩිම පිරිස ඉන්දි­යා­වෙන් වන අතර එම සංඛ්‍යාව 4,351ක් බවද මාල­දි­ව­යි­නෙන් සංචා­ර­ක­යන් 2,489 දෙනකු මෙර­ටට පැමිණ තිබෙන බවද එම අධි­කා­රිය පෙන්වා දෙයි.

ඒ අනුව මැයි මාසයේ පළමු දින 5 තුළ පැමිණ ඇති සංචා­ර­ක­ය­න්ගෙන් 20%ක් ඉන්දීය සංචා­ර­ක­යන් වන අතර එක්සත් රාජ­ධා­නි­යෙන් 1,508ක් සහ රුසි­යා­වෙන් 1,460ක් ලෙස වැඩි වශ­යෙන් සංචා­ර­ක­යන් මෙර­ටට පැමිණ ඇත. මෙලෙස ශ්‍රී ලංකා­වට සංචා­ර­ක­යන් පැමි­ණෙන රට­වල් අතු­රින් දෙවැනි තැනට මාල­දි­ව­යින පත් වීමද විශේ­ෂ­ත්ව­යක් වේ.

Share.

Comments are closed.