ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ඊයේ (13) ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී ඇත.

ඉන්ද් ශ්‍රී ෆෙරි සර්විස් (IndSri Ferry Service) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.නිරංජන් නන්දගෝපන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සේවාව සැලසුම් කර ඇති පරිදි අද ක්‍රියාත්මක නොවුන ද මැයි 17 වනදා ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව ‘සිවගංගෙයි’ මගී යාත්‍රාව මැයි 17 වනදා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර සේවා ආරම්භ කිරීමට සූදානම් බව ඔහු පැවසීය.

17 වනදා සිට සේවාව ආරම්භ කිරීම සඳහා සියලුම නීතිමය අනුකූලතා සහතික නියමිත වේලාවට නිකුත් කරන බවට බලධාරීන් සහතික වී ඇත.
මැයි 13 වනදා ගමන් කිරීමට යාත්‍රාවේ ආසන වෙන්කරවා ගත් මගීන්ට 17 වනදායින් පසු ඕනෑම දිනයක සංචාරය කිරීමට ද හැකි බව වැඩිදුරටත් සඳහන් ය. ටිකට් පත අවලංගු කිරීමට අවශ්‍ය පාරිභෝගිකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ customer.care@sailindsri.com වෙත ඊමේල් පණිවුඩයක් යොමු කරන ලෙසය.

අපසුතාවට පත්වූවන්ට සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් සිදු කරන බව ද සමාගම සඳහන් කලේය.
2023 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා වූ කරුණු අනුව මෙම යාත්‍රා සේවය ආරම්භ වී ඇත.

Share.

Comments are closed.