වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික්වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකිය.

එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් ඇත. එබැවින් වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කිරීමෙන් පරිසරයට සිදුවන හානිය අවම කරගත හැකිය.

අංක 2034/37 දරන 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා දිනැති ගැසට් පත්‍රයට අනුව සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්‍රොපිලින්, පොලිඑතිලින් නිෂ්පාදන හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවල දී සැරසිලි සඳහා භාවිත කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර එය දඬුවම් ලැබිය හැකි වරදකි.

Share.

Comments are closed.