Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලොව වැඩිම වරක් එවරස්ට් තරණය කල පුද්ගලයා ගිනස් පොතට
World news

ලොව වැඩිම වරක් එවරස්ට් තරණය කල පුද්ගලයා ගිනස් පොතට

kumudikaBy kumudikaMay 16, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වැඩිම වාර ගණනක් එවරස්ට් කන්ද තරණය කළ පුද්ගලයා ලෙස නේපාලයේ කමි රිටා(Kami Rita) ගිනස් වාර්තා පොතට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කඳු නඟින්නන්ට මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කරන රිටා මෙවර එවරස්ට් කඳු මුදුනට ළඟා වී ඇත්තේ 29වැනි වරටය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කමි රිටා මෙමගින් තමා විසින් පිහිටුවා තිබූ වාර්තාවක් යළිත් වරක් අලුත් කිරීමට සමත් වූ බවය.

ලොව උසම ස්ථානය වන එවරස්ට් කන්ද මීටර් 8,849 ක උසකින් යුත්ත වේ.54 හැවිරිදි වියේ පසුවන කමි රිටා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඔහු පළමුවරට එවරස්ට් තරණය ආරම්භ කර ඇත්තේ, 1994 දී වන අතර එතැන් සිට සෑම වසරකම එවරස්ට් තරණය කර ඇත.
කමි රිටා කා අතරත් ජනප්‍රිය වී සිටින්නේ, ‘එවරස්ට් මිනිසා’ යන අන්වර්ථ නාමයෙනි.

රීටාට පෙර එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කර තිබුණේ පසන්ග් දාවා(Pasang Dawa)  විසිනි.  27 වරක් ඔහු එවරස්ට් තරණය කර ඇත.

එවරස්ට් කන්ද තරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර කන්ද තරණයට ගොස් මිනිසුන් මරණයට පත්වූ අවස්ථාවද ඇත.
පසුගිය වසරේ 600කට වැඩි පිරිසක් එවරස්ට් කඳු මුදුනට ගොස් ඇති නමුත් ඉන් 18 දෙනෙකුම දැඩි සීතල හා අධික හිමපතනය නිසා  මරණයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ හේතුවෙන් 54 හැවිරිදි කමි රිටාගේ 29 වැනි එවරස්ට් තරණය විශේෂත්වයකි. 
විදේශීය කඳු නගින්නන් සඳහා අත්‍යවශ්‍ය මාර්ගෝපදේශකයෙකු ලෙස කමි රිටා කා අතරත් ගෞරවයක් හිමිකරගෙන තිබේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමට ජනපති සූදානම්
Next Article ආනයනික පොහොර වෙනුවට නව ආදේශකයක්
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.