සෞදි අරාබියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙන බව වාර්තා වේ. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩු වේදනා සෙසු රෝග ලක්ෂණ බවත්ය.

88 හැවිරිදි සල්මාන් රජු වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කර තිබේ. රජු ඇතුළත් කෙරුණේ කිංග් ෆයිසාල් රෝහලටය. වෛද්‍යවරුන් පවසන්නේ රසායනගාර පරීක්ෂණ වාර්තා ලැබුණු සැණින් අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බවය.

සල්මාන් රජු සෞදියේ කිරුළ දරන්නේ 2015 වසරේ සිටය.  ඔටුන්න හිමි කුමරු වන්නේ සල්මාන් රජුගේ පුතු 38 හැවිරිදි මොහොමද් බින් සල්මාන් කුමරුය.

Share.

Comments are closed.