දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මේ වන විට කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටව ඇත.

ඒ හේතුවෙන් මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ගාලුමුවදොර, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, කොම්පඤ්ඤවීදිය, මරදාන, පුරහල, රාජගිරිය, බත්තරමුල්ල, නුගේගොඩ, කිරුළපන, පෑලියගොඩ යන ප්‍රදේශ ආශ්‍රිත මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයත් සමග කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ ස්ථානයේ දැඩි රථ වාහන තදබදයක් පවතී.

අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ධාවනය දැඩි අවධානයකින් සිදු කරන ලෙස පොලිසිය රියැදුරන්ට සිහි කැඳවා ඇත.

Share.

Comments are closed.