ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබේ. 32 හැවිරිදි වියේ පසුවන විශ්ව ටෙස්ට් ක්‍රිකට් තරග 23ක් ක්‍රීඩා කරමින් කඩුලු 64ක් දවාගෙන ඇත.

පසුගිය වසරේ දී ඔහු ඩර්හැම් කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ අතර, තරග දෙකක දී කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් විය. යෝක්ෂයර් කණ්ඩායම සමඟ පාකිස්තාන ක්‍රීඩක සහන් මෂූඩ් ද ක්‍රීඩා කරමින් සිටී.

Share.

Comments are closed.