මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ  සභාපති ඉන්දික ගුරුගේ මහතා සඳහන් කලේය.

මිල්කෝ සමාගම විසින් දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදාගන්නා ලද දියර කිරි ප්‍රමාණය පසුගිය කාලයේ කිරි ලීටර් 65,000 දක්වා පහත වැටුණි.

සාමාන්‍යයෙන් මිල්කෝ සමාගමේ දෛනික දියර කිරි ඉලක්කය ලීටර් 120000ක් බව සඳහන් වේ. සමාගමේ පරිපාලන ගැටලු නිසා එම ප්‍රමාණය සියයට 50කින් අඩු වී තිබු බවත් ඉන්දික ගුරුගේ මහතා පැවසීය.

පසුගිය කාලයේ  මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය මුළුමනින්ම නැවතී තිබූ නමුත් මේ වනවිට හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් 80ක් ගබඩා සතුව ඇතැයි ද හයිලන්ඩ් අයිස්ක්‍රීම් හා යෝගට් නිෂ්පාදන ධාරිතාවය ද ඉහළ නංවා තිබෙන බව මිල්කෝ සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දුන් වාර්තාවේ සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version