අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

වෙසක් සතියේ සමාරම්භක උත්සවය අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

වෙසක් සමයේ අනවශ්‍ය සැණකෙළි ආදිය පැවැත්වීමෙන් වළකින ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ ද සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share.

Comments are closed.