ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් Al Khail දුම්රිය ස්ථානය සහ UAE Exchange Station අතර ගමනාගමනයට විශේෂයෙන් බලපාන ඩුබායි මෙට්‍රෝ red line ඔස්සේ සේවාවේ බාධාවක් පිලිබද  ප්‍රකාශයක් නිකුත් කර ඇත.

RTA ඩුබායි හි නිල සන්නිවේදනයට අනුව, බලපෑමට ලක් වූ ස්ථාන අතර ප්‍රවාහනය පහසු කිරීම සඳහා විකල්ප බස් සේවා යොදවා ඇත.
ඩුබායි මෙට්‍රෝ රෙඩ් ලයින් මගීන් වෙත සිය පණිවිඩයෙන්  RTA විසින් මෙම අපහසුතාවයට පත් වූ කාලසීමාව තුළ මගීන්ගේ සහයෝගීතාවය සහ අවබෝධය සඳහා කෘතඥතාව පළ කරමින් සේවා බාධා කිරීම් සහ විකල්ප බස් සේවා සැපයීම පිළිබඳව අවධාරණය කර ඇත.

Share.

Comments are closed.