ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව අද(22) අලුයම කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙසේ  පැවසීය මෙම තරගාවලිය සදහා සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ මමයි .

මෙම තරගාවලිය යුරෝපයේ පවත්වන ලොකුම මෝටර් රථ ධාවන තරගය වන අතර ඒ සදහා ලෝකයේ රටවල් 30 ක මෝටර් රථ ධාවන ශූරයින් එක් වී සිටියා . ඔවුන් වැඩි පිරිසක් යුරෝපා සහ ඇමෙරිකානු මහාද්වීප නියෝජනය කරන්නන් .

 මෙම මෝටර් රථ ධාවන තරගය සදහා කාර් 50 ක් සහභාගී වී සිටි අතර එම එක් රථයක් සදහා රියැදුරුවරුන් දෙදෙනා බැගින් එක් වී සිටියහ .

ඒ වගේම මෙම තරගාවලිය සදහා ලෝකයේ වඩාත් බලවත් , දියුණු මෝටර් රථ වර්ග 10 ක මෝටර් රථ ධාවනයට එක් වී සිටි අතර මම ඒ.එම්.ජී.- ජී.ටී. 4 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළා .‘යැයි ද පැවසීය .

2024 අවසානයේ මෙම ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත අතර මේ සදහා තවත් මෝටර් රථ ධාවන තරග 12 ක් ඉතිරි වී ඇති බව ද ඩිලන්ත මාළගමුව මහතා සඳහන් කලේය. එසේම ඉදිරි මාසයේ තවත් මෝටර් රථ තරග 04 ක් පැවැත්වීමට නියමිතව ඇති බව ද හෙතෙම පැවසූ අතර මෙම ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තම එකම අපේක්ෂාව බව ද මාළගමුව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Share.

Comments are closed.