ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.35 ට අවසන් තරඟය පැවැත්වුනු අතර යුපුන් තත්පර 10.16ක කාලයක් වාර්තා කරද්දී දෙවන සහ තෙවන ස්ථාන වාර්තා කළ කාලය පිළිවෙලින් තත්පර 10.17ක් සහ 10.21කි.

පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු වටයේ තරඟය ( Heat) ජය ගනිමින් යුපුන් මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තත්පර 10.15ක කාලයක් වාර්තා කරමිනි.

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස යුපුන් අබේකෝන් සැලකේ.
තවද ජපානයේ කෝබි නගරයේ පැවැත්වෙන ලෝක පැරා ක්‍රීඩා උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත ඊයේ දිනයේදී සමත් විය. එහිදී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 64.59 ක් ලෙස වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version