කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වැනි වරටත් IPL ක්‍රිකට් තරගාවලියේ කිරුළ දිනා ගත්හ. එම කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ය.

ඊයේ (27) පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී කොල්කටා කණ්ඩායම, සන්රයිසස් හරිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8 කින් ජය ගත්හ. තරගය පැවැත්වුණේ චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 113ක් පමණි. ඔන්ඩ්‍රේ රසල් කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 114 ඉලක්කයක් හිමි විය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්හ.

වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් රැස් කළේය. එම කණ්ඩායම මීට පෙර 2012 සහ 2014 වසර වලදී IPL කිරුළ දිනා ගැනීම විශේෂත්වයකි. 

Share.

Comments are closed.