මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බවය.

මේ හේතුවෙන් ලබන ජූනි පළමු වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය. මෙම සතිය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පසුගියදා උපදෙස් දුන්නේ ය.

මීට අමතරව, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ නව ගොඩනැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස ද බලධාරීන්ට ඔහු උපදෙස් දී තිබේ. 

සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කෙරේ.

Share.

Comments are closed.