කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන ඇත.

අයථා වාහන සහ පුද්ගලයින් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණීම පාලනය කිරීමට සහ ක්‍රමත්ව හැසිරවීම සඳහා මෙම නව ක්‍රමවේදය හඳුන්වාදෙන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කලේය. ඒ අනුව රියැදුරෙක් නොමැතිව වාහන එම ස්ථානයේ නවතා තැබීම තහනම් වන අතර ආගමන ගුවන් මගීන් රැගෙන යෑමට පැමිණි වාහන අදාළ රථගාල්වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය පිටතට පැමිණිය යුතුය.

රියදුරු සහිතව ද පරිශ්‍රය තුළ වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යන විට විශේෂ ගාස්තුවක් අය කිරීමට ද ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් දැක්වේ.

Share.

Comments are closed.