රුපියල් බිලියන 20.6ක් වැය කරමින්, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලන මෙන්ම ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන ව්‍යාපෘති රැසක්, ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සැළසුම් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්විමේදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බව ද අමරවීර මහතා මහතා කීය.

මේ කරුණු සැලකිල්ලට ගෙන නව කෘෂිකාර්මික ව්‍යාපෘති හැකි තරම් සකසන්නැයි අමාත්‍යවරයා සිය අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. එම කෘෂිකාර්මික ව්‍යාපෘති ගම්මානවල ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීම, ඔවුන්ගේ යටිතලපහසුකම් සංවර්ධනය සහ නව කෘෂි තාක්ෂණය ඉළක්ක කර ගනිමින් සකසන ලෙස ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

Share.

Comments are closed.