විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කලේය.

“ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කලේය.
www.garusaru.lk යන වෙබ් අඩවිය යටතේ මේ වනවිට විෂය කේෂ්ත්‍ර ගණනාවකට ලියාපදිංචි වීමට අවස්ථාව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

වෘත්තීය සමිති ගොඩ නැගීමට නොහැකි මාධ්‍යවේදීන්ට, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, පින්තාරුකරුවන්ට, ත්‍රීරෝද රථ රියැදුරන්, බස් රියැදුරන් සියලුදෙනාට මේ හරහා ලියාපදිංචි වී තමන්ගේ ගරුත්වයක් සාදා ගන්නට හැකි වැඩසටහනක් සකසන බව අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටී.

Share.

Comments are closed.