සාජා පොලිසිය සහ Rafid Automotive Solutions විසින් පාරිභෝගිකයින්ට සපයනු ලබන රථවාහන සේවා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ තෘප්තිය ඉහළ නැංවීමේ ඒකාබද්ධ ප්‍රයත්නයේ කොටසක් ලෙස සුළු රථවාහන අනතුරු වාර්තා කිරීම සඳහා නව අංකයක් හඳුන්වා දී තිබේ. එම අංකය  80092 ලෙස සඳහන්ය.

මෙම දියත් කිරීම Rafid හි සන්නිවේදන සහ පාලන මධ්‍යස්ථානයේ දී සාජා පොලිසියේ ප්‍රධානී මේජර් ජෙනරාල් සයිෆ් අල් සාරි අල් ෂම්සි, මධ්‍යම මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් සහ සැලසුම් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ආචාර්ය අහමඩ් සයීඩ් අල් නූර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විණි.
පාරිභෝගික සතුට ළඟා කර ගැනීම සඳහා සහ කීර්තිමත් සේවාවන් සැපයීම අරමුණු කරගත් වාහන විසඳුම්වල තිරසාර උත්සාහයේ කොටසක් ලෙස නව අංකය හඳුන්වා දුන් බව Al Shamsi මහතා සඳහන් කලේය.

ඉක්මන් ප්‍රතිචාරයක් සහතික කිරීම සඳහා සුළු රථවාහන අනතුරු වාර්තා කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීමේ මෙම උත්සාහය ධනාත්මක පියවරක් වනු ඇතැයි සාජා පොලීසිය අපේක්ෂා කරන අතර වාර්තා ලබා ගැනීම සඳහා පෙර පැවති අංක 80072343 තවමත් සක්‍රීය බවද වැඩිදුරටත් සඳහන්ය.

Share.

Comments are closed.