ආසි­යානු තර­ගා­ව­ලි­යට දකුණු ආසි­යානු කලා­පයේ සුදු­ස්සන් තෝරා ගැනීම සඳහා දකුණු ආසි­යානු මේස පන්දු සම්මේ­ල­නයේ අධී­ක්ෂ­ණය යටතේ ශ්‍රී ලංකා මේස පන්දු සංග­මය සංවි­ධා­නය කළ තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් 12ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

ඊයේ (29)  මහ­නු­ව­රදී පැවති මෙම තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා­වට රන් පද­ක්ක­මක්, රිදී පද­ක්කම් 5ක් සහ ලෝකඩ පද­ක්කම් 6ක් හිමි විය.
මේ තර­ගා­ව­ලි­යේදී රන් පද­ක්කම් 14ක් පිරි­නැමූ අතර ඉන් පද­ක්කම් 13ක්ම ඉන්දි­යාව සතු විය.

ශ්‍රී ලංකා­වට හිමි වූ එකම රන් පද­ක්කම අවු­රුදු 19න් පහළ ක්‍රීඩ­කයෝ කණ්ඩා­යම් ඉසව්වේ දිනා­ගත් අතර, ලීග් ක්‍රම­යට පැවැති මේ ඉස­ව්වේදී ශ්‍රී ලංකා පිල සහ­භා­ගිවූ තරග 4ම ජය ගැනී­මට සමත් විය. එම කණ්ඩා­ය­මට ෂෆි­යුල්ලා අක්‍රම්, ජනිත් බටු­ගෙ­දර, ඩිරාන් හාමර් සහ සාලුක ප්‍රේම­චන්ද්‍ර ඇතු­ළත් වූහ. අවු­රුදු 19න් පහළ කණ්ඩා­ය­මක් මේ ඉස­ව්වෙන් රන් පද­ක්කම් දිනා ගත්තේ වසර 10කට පසුව වීම කැපී පෙනිණි.

තර­ගා­ව­ලියේ කැපී පෙනෙන ශ්‍රී ලංකා ක්‍රීඩි­කාව වූ මහ­නු­වර මහා­මායා විදු­හලේ යෝෂිනි ජය­ව­ර්ධන රිදී පද­ක්කම් 3ක් සහ ලෝකඩ පද­ක්ක­මක් දිනා ගැනී­මට දාය­ක­ත්වය දුන්නාය.

අවු­රුදු 15න් පහළ බාලිකා යුගල සහ මිශ්‍ර යුගල ඉස­ව්ව­ලින් රිදී පද­ක්කම් දිනා­ගත් ශ්‍රී ලංකා­වට අවු­රුදු 19න් පහළ බාලිකා සමඟ අවු­රුදු 15න් පහළ බාලක බාලිකා කණ්ඩා­යම් ඉස­ව්ව­ලින් ද රිදී පද­ක්කම් හිමි විය.

එහිදී මිතුලි සමඟ එක්ව බාලිකා යුගල රිදී පද­ක්කම දිනා­ගත් යෝෂිනි ජය­ව­ර්ධන අකේන් සම­ඟින් එක්ව මිශ්‍ර යුගල රිදී පද­ක්කම දිනා ගත්හ. මීට අම­ත­රව ඇය 15න් පහළ බාලිකා රිදී පද­ක්කම දිනා­ගත් කණ්ඩා­යමේ සාමා­ජි­කා­වක් ද වූවාය.

ශ්‍රී ලංකා­වට හිමි වූ පද­ක්කම් මෙසේය:

රන් පද­ක්කම් – 19න් පහළ බාලක කණ්ඩා­යම් ඉසව්ව

රිදී පද­ක්කම – 19න් පහළ බාලිකා කණ්ඩා­යම්, 15න් පහළ බාලක කණ්ඩා­යම්, 15න් පහළ බාලිකා කණ්ඩා­යම්, 15න් පහළ බාලිකා යුගල, 15න් පහළ මිශ්‍ර යුගල

ලෝකඩ පද­ක්කම් – 19න් පහළ බාලිකා යුගල, 19න් පහළ බාලක යුගල, 19න් පහළ මිශ්‍ර යුගල, 15න් පහළ බාලක යුගල, 19න් පහළ බාලිකා කේවල, 15න් පහළ බාලිකා කේවල.

Share.

Comments are closed.