ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙමින් තිබූ ඖෂධ වර්ග 04ක ඇණවුම් අවලංගු කර දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙත ලබාදීම හේතුවෙන් රජයට රුපියල් දාසය කෝටි හැත්තෑ හත්ලක්ෂ දාහත්දහස් නවසිය තිස්පහක (167,717,935) අතිරේක පිරිවැය පාඩුවක් සිදු ව තිබේ. ඒ සම්බන්ධයෙන් ඊට වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව අවශ්‍ය විමර්ශන කටයුතු සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කර ඇත.

ඖෂධ අවශ්‍යතාවය, ප්‍රසම්පාදනය, සැපයුම බෙදා හැරීම නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තා මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබුණි.

Share.

Comments are closed.