20යි 20 ලෝක කුසලානයේ ඉන්දියා – පාකිස්ථාන තරගය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත.

නිව්යෝක් ආණ්ඩුකාරවරයා මේ තීරණය ගෙන ඇත්තේ ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරගයට ත්‍රස්ත ප්‍රහාරයක් එලල් විය හැකි බවට පළවන වාර්තා හේතුවෙනි.

ජුනි 3 වැනි දා සිට 12 වැනි දා දක්වා මෑන්හැටන් නගරයේ පිහිටා ඇති අයිසන්හවර් ක්‍රීඩාංගණයේ 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ත්‍රස්ත තර්ජන එල්ල වී ඇත්තේ, ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරගයට වන අතර ප්‍රාන්ත බලධාරීන් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කර ඇත්තේ සති කිහිපයක සිටය.

මෙම තර්ජන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තහවුරු කිරීම් නොමැති නමුත් ක්‍රීඩකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛ වගකීම බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා අවධාරණය කර සිටී.

Share.

Comments are closed.