පහතරට අමු තේ දළු කිලෝග්‍රෑමයක මිල ඉදිරියේදි නැවත ඉහළ යනු ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසති.

පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑමයක මිල රුපියල් පහකට ආසන්න අගයකින් ඉහළගොස් තිබේ.

ඉදිරියේදී තවදුරටත් අමු තේ දළු මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන් කියා සිටින අතර පහත රට තේ සඳහා ලෝක වෙළඳ පොළේ පවතින ඉහළ ඉල්ලුම ඊට හේතුවී ඇතැයි සඳහන්.

පසුගිය මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 217 මුදලක් ගෙවා ඇත.

Share.

Comments are closed.