පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දියයිනේ ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළගොස් ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ශන ජයවර්ධන මහතා පැවසීය.

වැසි ආරම්භයට පෙර ජල විදුලි නිෂ්පාදනය 20% ලෙස පැවති අතර මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 40% දක්වා ඉහළගොස් තිබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 60% දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් වේ. වැසි ආරම්භයට පෙර ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 39%ක් ලෙස පැවති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.