ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කර තිබේ. මේ යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩු වී ඇති අතර, දෙකක මිල ගණන් වෙනස් වී නැත.
නව සංශෝධන අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 317කි.
භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 202 කි. මේ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420 ක්ව තිබේ. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිලද වෙනස් වී නැති අතර, එහි මිල රුපියල් 377ක් ලෙසම පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත.