ජනප්රිය පාපන්දු ක්රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් 1986 ලෝක කුසලානයේ දී දිනාගත් ගෝල්ඩන් බෝල් කුසලානය වෙන්දේසි කෙරේ. මැරඩෝනාගේ උරුමක්කාරයන්ගේ විරෝධය නොතකා කුසලානය වෙන්දේසි කරන ලෙස ප්රංශ අධිකරණය ඊයේ නියෝග කර තිබේ.
මැරඩෝනා 1986 ලෝක කුසලානයේ හොඳම ක්රීඩකයා ලෙස තේරී පත් වූ අතර ඒ සඳහා ඔහුට ගෝල්ඩන් බෝල් කුසලානය හිමි විය.
මෙම වෙන්දේසිය නතර කරන ලෙස ඉල්ලා ක්රීඩකයාගේ පවුලේ සාමාජිකයින් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණි. මෙම ගෝල්ඩන් බෝල් කුසලානය වසර ගණනාවක් අතුරුදහන් වූ අතර, එය මෑතකදී සොයාගනු ලැබුණි. මැරඩෝනාගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ කුසලානය සොරකම් කළ බවත් එහි වත්මන් හිමිකරුට එය වෙන්දේසි කළ නොහැකි බවය.
මැරඩෝනාගේ නායකත්වයෙන් ආර්ජන්ටිනාව 1986 ලෝක කුසලානය දිනා ගත්තේ මෙක්සිකෝ සිටි හි පැවති අවසන් මහා තරගයේදී බටහිර ජර්මනිය 3-2ක් ලෙස පරාජය කලේය.
ඉදිරි දින කිහිපය ඇතුළත පැරිස් නුවරදී මේ කුසලානය වෙන්දේසි කිරීමට නියමිතය. මැරඩෝනා 2020 වසරේදී මිය ගියේය.