ජන­ප්‍රිය පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැර­ඩෝනා විසින් 1986 ලෝක කුස­ලා­නයේ දී දිනා­ගත් ගෝල්ඩන් බෝල් කුස­ලා­නය වෙන්දේසි කෙරේ. මැර­ඩෝ­නාගේ උරු­ම­ක්කා­ර­යන්ගේ විරෝ­ධය නොතකා කුස­ලා­නය වෙන්දේසි කරන ලෙස ප්‍රංශ අධි­ක­ර­ණය ඊයේ නියෝග කර තිබේ.

මැර­ඩෝනා 1986 ලෝක කුස­ලා­නයේ හොඳම ක්‍රීඩ­කයා ලෙස තේරී පත් වූ අතර ඒ සඳහා ඔහුට ගෝල්ඩන් බෝල් කුස­ලා­නය හිමි විය.

මෙම වෙන්දේ­සිය නතර කරන ලෙස ඉල්ලා ක්‍රීඩ­ක­යාගේ පවුලේ සාමා­ජි­ක­යින් අධි­ක­ර­ණය හමුවේ නඩු­වක් ගොනු කර තිබිණි. මෙම ගෝල්ඩන් බෝල් කුස­ලා­නය වසර ගණ­නා­වක් අතු­රු­ද­හන් වූ අතර, එය මෑත­කදී සොයාගනු ලැබුණි. මැර­ඩෝ­නාගේ පවුලේ සාමා­ජි­ක­යන් පව­සන්නේ කුස­ලා­නය සොර­කම් කළ බවත් එහි වත්මන් හිමි­ක­රුට එය වෙන්දේසි කළ නොහැකි බවය.

මැර­ඩෝ­නාගේ නාය­ක­ත්ව­යෙන් ආර්ජ­න්ටි­නාව 1986 ලෝක කුස­ලා­නය දිනා ගත්තේ මෙක්සිකෝ සිටි හි පැවති අව­සන් මහා තර­ග­යේදී බට­හිර ජර්ම­නිය 3-2ක් ලෙස පරා­ජය කලේය.

ඉදිරි දින කිහි­පය ඇතු­ළත පැරිස් නුව­රදී මේ කුස­ලා­නය වෙන්දේසි කිරී­මට නිය­මි­තය‍. මැර­ඩෝ­නා 2020 වසරේදී මිය ගියේය.

Share.

Comments are closed.