මෙරට වයස අවුරුදු 5 සම්පූර්ණ වූ දරුවන් අතරින් 96% ක්  දන්ත රෝගවලින් පෙළෙන බව දන්ත වෛද්‍යවරුන් සඳහන් කරති.

රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා  සඳහන් කළේ වයස අවුරුදු  15  සම්පූර්ණ වූ දරුවන්ගෙන් 85% ක් ද දන්ත රෝග වලට ගොදුරු වී ඇති බවයි.

අවුරුදු  12 සම්පූර්ණ වූ දරුවන් අතරින් දන්ත රෝගවලට ලක්ව ඇති ප්‍රතිශතය 79% ක් බව වාර්තා වේ.

විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා සඳහන් කළේ ග්‍රා‍මීය ප්‍රදේශවල දරුවන් අතර දන්ත රෝග වැඩි වශයෙන් වාර්තා වන බවය.

මේ හේතුවෙන් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන්නැයි ඔහු මව්පියන්ට දැනුම් දේ.

Share.

Comments are closed.