මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඇද හැලෙන තද වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර අද (02) උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයටය.

එය මිලිමීටර් 152ක් ලෙස සටහන් වී ඇත.
අදාළ කාලසීමාව තුළ වරකාපොළ ප්‍රදේශයට මිලිමීටර් 138.5ක වර්ෂාපතනයක්, වතුපිටිවල ප්‍රදේශයට මිලිමීටර් 122.5ක වර්ෂාපතනයක්ද,  අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක් හා රත්නපුර ප්‍රදේශයට මිලිමීටර් 96.2ක් වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.